Tutorial 3
දැන් අපි බලමු Cpanel එකෙන් Memory Limit එක වැඩි කර ගන්නෙ කොහොමද කියා.
ඒ සදහා ක්‍රම කීපයක් තීනවා.
1.MultiPHP INI Editor using Basic Mode.
2.MultiPHP INI Editor using editor Mode.
3.File Manger using .htacces file or php.ini file
1.මේ සදහා Cpanel එකේ Search Bar එකේ php කියා Search කරන්න.
එවිට MultiPHP INI Editor Icon එක තෝරන්න.
ඉන් පසු Basic Made එකෙන් Open වෙනු ඇත.දැන් ඔබගේ Domain එක තෝරන්න.
එවිට එන Window එකේ ඔබට අවශ්‍ය අයුරින් Memory_limit, post_max_size හා upload_max_filesize වෙනස් කර Apply Button එක තෝරන්න.එවිට එම දත්ත Save වී Memory limit අවශ්‍ය පරිදි සැකසෙනු ඇත.
2.ඔබට Editor Mode එකෙන් Memory limit වෙනස් කිරීමට නම් Editor Mode එක තෝරන්න.
ඉන් පසු අවශ්‍ය Domain එක තෝරා පහත Code ඇතුලත් කරන්න.මා upload size හා post max size=128Mb ද memory limit=512Mb කියා සිතා Code එක ලියනු ලැබේ.
upload_max_filesize=128M
post_max_size=128M
memory_limit=512M
එවා ඇතුලත් කල පසු Save Button එක තෝරන්න.
3.මේ ආකරයට Memory limit වෙනස් කිරීමට නම් Cpanel එකේ File Manager තෝරා එහි Public_html වල php.ini file එක තෝරා edit button එක දෙන්න.ඉන් පසු එන window එකේද edit දෙන්න.
ඔබ හට .htacces හෝ කිසියම් file එකක් එකක් cpanel තුල hide වී ඇත්නම් ඉහල කෙලවරේ ඇති seting වල ඇති show hiden file option එක තෝරා save කරන්න.
upload_max_filesize=128M
post_max_size=128M
memory_limit=512M
ඉහත code හිස් අවකාශයක type කර save button එක Select කරන්න.
තවද .htacces file එක හරහාද ඉහත කාර්යය කල හැක.
ඔබට Wordpress memory limit වැඩි කර ගැනීමට නම්,
File Manager වෙත ගොස් Public_html වල
wp-config.php file එක තෝරා edit දෙන්න.
ඉන් පසු පහලම කෙලවරම හිස් අවකාශයක් select කර පහත code දී save කරන්න.
define('WP_MEMORY_LIMIT','256M');
define('WP_MAX_MEMORY_LIMIT','256M');
මෙහිදීද ඔබට අවශ්‍ය memory size ලබා දෙන්න.
මම හිතනවා මේ කොටසත් ඔයාලට වැදගත් වෙයි කියා.එසේ නම් හැමෝටම සුභ අනාගතයක්.